Pages

..

Wednesday, February 20, 2013

ගෙදරදීම 3D හදාගන්න


හ්ම්...... රෑ 12.30 වෙලාව. ඔයාලා බලයි මේකා මොකද මහ රෑ ඇහැරගෙන කරන්නෙ කියලා. Hutch වල mid night පැකේජ් එක දැම්මා. කලින් පාවිච්චි කලේ etisalat. එකෙ ඒ පැකේජ් නෑනෙ. ඒකයි මාරැ උනේ. අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබල්. මාරැ වෙලා දවස් දෙකක් ගියෙනෑ මේං මූං ගණන් වැඩි කලා. හැම මගුලම මටමයි වෙන්නේ....... හික්ස්.


  අද මම ඔයාලට කියන්න යන්නෙ ගෙදරදීම 3D TV එකක් හදා ගන්න විදිය. TV කිව්වට ඔයාලගෙ කම්පියුටර් එකට තමයි කරන්න වෙන්නෙ. මමත් කරල බැලුවා පට්ට පට පට... ඒකට 3D glass එකක් හදාගන්න ඕන.





එච්චර වියදමකුත් නෑ. මෙච්චරයි ඕන.


1.       සෙලෝ ෆේන් කඩදාසි රතුයි නිලුයි. (වෙසක් එකට බකට් හදන ඒවා හොදේ. )
2.       ටිකක් හයියට තියෙන කාඩ් බෝඩ් එකක්.
3.       තව ගම් එකකුයි කතුරකුයි.
4.       3D play වෙන player එකක් ( KM player)
මේ ටික විතරයි. ඉස්සර වෙලාම 3D Glass එක හදා ගන්න ඕන. ඒකට වම් ඇහැට රතුයි දකුණු ඇහැට නිලුයි දාලා හදන්න. එක කොලයක් මදි වෙයි දෙකක් දාන්න ඕන.

 www.3dn3d.com එකට ගිහින් එක වීඩියෝ එකක් ඇරන් බලන්නකෝ. Km Player එකේ 3D click කරලා බලන්න.


 ඇහැට පොඩිඩක් අමාරැවෙයි ටික වෙලාවකින් හරියනවා. එහෙනම් මම ගියා.