කම්පියුටර් එකේ ඇඩ්මින් පාස්වර්ඩ් ඒක අමතක වුනාද? නැත්තම් ගෙදර හරි නැත්තම් කාගෙහරි වෙන PC එකක් තියනවා එකේ පාස්වර්ඩ් දාල ඒක ඇරගන්න බැරිද? ( ආතල් එකට හා දැනුමට පමණි. චා වැඩ වලටනම් නෙමෙයි හොදද ) එහෙනම් මෙන්න මේක තමා ඔයාට කරන්න තියෙන්නේ.. පොඩි සිම්පල් කේස් එකක් තියෙන්නේ.
ක්‍රම දෙකක් තියනවා..
ක්‍රමය 1
1. මැෂින් ඒක DOS වලින් ඔන් කරගන්න.
2.ඊට පස්සේ වින්ඩෝස් තියන හාඩ් ඩ්‍රයිව් එකේ windows/system32/config පාත් එකෙන් ගිහින් sam.exe සහ sam.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
3.හරි දැන් DOS වලින් අයින් වෙලා වින්ඩෝස් වලින් මැෂින් ඒක Restart කරන්න.
4.හෑ... දැන් ඇඩ්මින් එකවුන්ට් එකේ පාස්වර්ඩ් එකක් නෑ නේද?
එල එල........
(සැ.යු- මෙය සාර්ථක වන්නේ හාඩ් ඩ්‍රයිව් එකේ ෆෝමැට් ඒක FATනම් පමණි. එසේ නැත්නම් දෙවන ක්‍රමයට යන්න.)
ක්‍රමය 2
1.සිස්ටම් එක තියන හාඩ් ඩ්‍රයිව් එක ගලවලා වෙන කම්පියුටර් එකකට සවි කරන්න.
2.ඒක Secondry හාඩ් ඩිස්ක් එක විදිහට හදලා කම්පියුටර් එක බූට් කරන්න. (Primary විදිහටනම් බූට් කරන්න එපා)
3.දැන් අපිට පාස්වර්ඩ් ඒක කඩන්න ඕනා හාඩ් ඩිස්ක් එකේ මේ ලොකේෂන් එකට යන්න.
"windows/system32/config"
4.ඕක ඇතුලේ තියන SAM.exe හා SAM.log කියන ෆයිල් දෙක මකලා දාන්න.
5.දැන් හාඩ් ඩිස්ක් එක ගලවලා මුලින් තිබ්බ මැෂින් එකටම ගහන්න (Primary විදිහට)
6.දැන් බලන්න එහෙනම් මැෂින් එක පොඩ්ඩක් ඔන් කරලා බලමුකෝ...
පාස්වර්ඩ් එකක් අහන්නෙවත් නැහැ නේද දැන්..
